30 C
Colombo
Wednesday, December 25, 2024

මාරක අනතුරකින් ඉන්දීය ජාතිකයෙක් ජීවිතක්ෂයට

- Advertisement -

පොළොන්නරුව ජයන්තිපුර 23 කණුව ප්‍රදේශයේ ඊයේ (6) රාත්‍රියේ වෑන් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් තිබෙනවා.

වෑන් රථය පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ගමන් කර ඇති අතර, ඒ දෙසටම ගමන්ගත් සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගය අයිනේ තවතා තිබියදී මෙම අනතුර සිදුව තිබුණා.

මිය ගිය ඉන්දීය ජාතික‍යා ඇතුළු පිරිස අතර මෙරට පෞද්ගලික ආයතනයක සේවය සඳහා පැමිණි කාර්මික ශිල්පීන් ද වන අතර, ඔවුන් සිය නවාතැන්පොළට යන අතරවාරයේ මෙම අනතුරට මුහුණපා ඇති බව සඳහන්.

අධික වේගයෙන් පැමිණි වෑන් රථය ලොරි රථයේ පිටුපස ගැටෙන අවස්ථාවේ රියදුරු අසුන අසල වාඩිවී පැමිණි ඉන්දියානු ජාතිකයා මෙලෙස මියගොස් තිබෙනවා.

මේ වනවිට රියදුරු ඇතුළු සියලු දෙනා බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රොහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ලොරි රථය සහ එහි රියදුරු පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇති අතර, ඔවුන් අද (7) පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන්...

සෞඛ්‍ය සේවාවේ ඉස්සරහට වැඩ වෙන්නේ දේශපාලකයන්ගේ කැමැත්තට පිටින් – නලින්ද

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැලසුමකට අනුව සිදු විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද...

POPULAR ARTICLES

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන්...

පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානයට ගුවන් ප්‍රහාර

පාකිස්තානය ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාර වලින් මේ වන විට පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබෙනවා. තලෙයිබාන් සංවිධානය විසින් මේ බව නිවේදනය කර තිබෙනවා. ඔවුන් පවසා...