30 C
Colombo
Tuesday, November 19, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොරතුරු කවුළුවක්

- Advertisement -

දස වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පවසනවා.

ඇය පවසන්නේ අද සහ හෙට පෙරවරු 09.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම කවුළුව ක්‍රියාත්මක බවයි.

එහිදී සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු ලිපි ලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතයි.

ඒ පිළිබඳව පැහැදිලි කරන පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය,

“එදිනට මේ මන්ත්‍රීවරුන්ට පැමිණ හෝ ඔන්ලයින් ක්‍රමයට තොරතුරු අපට ලබාදී රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඇඟිලි සලකුණු සටහන් කරගැනීමටත් අපි කටයුතු කරනවා. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට අධික පිරිසක් නවක මන්ත්‍රීවරු. මේ අයට පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටිය, හැසිරීම, ආචාර්යශීලිත්වය හා ඇඳුම්පැළඳුමේ ඉඳන් කටයුතු කළ යුතු ආකාරය හා පාර්ලිමේන්තු සභාගර්භයේ කටයුතු කළ යුතු ආකාරය හා කාරක සභාවල ස්වරූපය හා විවාද රීති ඔවුන් විසින් අනුගමන කරන ක්‍රමවේදය ඇතුළු සියලු දේ ගැන ඔවුන්ව දැනුවත් කිරීමට අපි විසින් තෙදින වැඩමුළුවක් සංවිධානය කරලා තියෙනවා නොවැම්බර් මස 25, 26 සහ 27 යන දිනවලදී.”

RECENT ARTICLES - SINHALA

වෙළෙඳසැල් හිමිකරුට තියුණු ආයුධයකින් පහරදීලා

වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙකු එහි හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී ඊයේ (18) ඝාතනය කර තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, 63 හැවිරිදි ඉහළ නවදගල, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බීමත්ව වෙළෙඳසැලට පැමිණි...

තේ අපනයනකරුවන්ගේ සංගමයෙන් ජනපතිට සුබ පැතුම්

මහ මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව තේ අපනයනකරුවන්ගේ සංගමය (TEA) ඊයේ (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ අලුතින් තේරී පත් වූ රජයට සිය සුබ...

අනතුරින් පාසල් සිසුන් තිදෙනක් රෝහලට

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය...

POPULAR ARTICLES