29 C
Colombo
Friday, January 3, 2025

මාලිමාවේ ලැයිස්තුවලට බෝනික්කෝ දාලා මුස්ලිම් නියෝජනයට අසාධාරණයක් කරලා – ෂිරාස් යුනූස් (වීඩියෝ)

- Advertisement -

ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ඉදිරිපත් කර ඇති අපේක්ෂක ලැයිස්තු මඟින් මුස්ලිම් නියෝජනයට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව ෂිරාස් යුනුස් මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින්, ෂිරාස් යුනුස් මහතා සඳහන් කළේ ඔහුට ද ජාතික ජනබලවේගය හරහා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟ කිරීම සඳහා ආරාධනාවක් ලැබුණ ද පසුව එම අවස්ථාව ලබා නොදීමට ඔවුන් තීරණය කළ බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයකටම ජාතික ජන බලවේගය මුස්ලිම් නියෝජිතයින් එක් අයෙකු බැගින් පමණක් ඉදිරිපත් කර  තිබෙන බවත් ඔවුන් බෝනික්කන් සේ විය හැකි බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මේ වන විට මුස්ලිම් ජනතා නායකයින් ලෙස පෙනී සිටින සෙසු දේශපාලන පක්ෂ නායකයින් ද දිගින් දිගටම මුස්ලිම් ජනතාව රවටමින් සිටින බවද ෂිරාස් යුනුස් මහතා  මෙහිදී පවසා තිබුණා.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ මේ හේතුවෙන් තමන් ස්වාධීන කණ්ඩායමක් ලෙස කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරඟ කිරීමට පියවර ගත් බවයි.

ෂිරාස් යුනුස් මහතා මීට මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් කටයුතු පිළිබඳ ජාතික සංවිධායක වරයා ලෙස ක්‍රියා කර ඇති අතර අසාත් සාලි මහතාගේ දේශපාලන පක්ෂයෙහි ජාතික සංවිධායක ලෙසද කලක් කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උණ්ඩ 12ක් සමඟ යුවලක් ඇතුළු 3ක් අත්අඩංගුවට

යුරෝපයේ සැගවී සිට මෙරට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙක්ට අයත් ජීව උණ්ඩ 12ක් සහ මැගසිනයක් සමඟ යුවළක් ඇතුළු තිදෙනෙක් හෙරොයින් සමග...

කෙහෙළියගේ පවුලේ අයට පැන වූ තහනමක් දීර්ඝ කරලා

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත්...

විමල් FCID යයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (03) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) හමුවට පැමිණ තිබෙනවා. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් අතරතුර සිදු කළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන්...

POPULAR ARTICLES