31 C
Colombo
Wednesday, October 16, 2024

උපුල් තරංගට නිකුත් කළ වරෙන්තුව වළකමින් අතුරු තහනමක්

- Advertisement -

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත්කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (16) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

උපුල් තරංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මාතලේ මහාධිකරණය ඔක්තෝබර් 8 වැනිදා වරෙන්තු නිකුත් කිරීමට නියෝග කරනු ලැබුවා.

ඒ, මහනුවර පල්ලෙකැලේ මෑතකදී පැවැති “ලෙජන්ඩ් ක්‍රිකට් ට්‍රෝෆි” තරගාවලියේදී තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටෙල් හෙවත් යෝගී පටෙල්ට එරෙහිව ගොනුකර ඇති නඩුවකට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

අධිකරණයට දැනුම්දීමකින් තොරව උපුල් තරංග විදෙස් ගතවීම හේතුවෙන් ඔහුව ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගන්නැයි එම වරෙන්තුව නිකුත් කර තිබුණා.

ඒ අනුව, අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවට අනුව උපුල් තරංග මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

පෙත්සම්කාර උපුල් තරංග මහතා අත්අඩංගුවට නොගන්න ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින පොලිස්පතිවරයා සහ  ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන්ටද මෙහිදී තවත් නියෝගයක් නිකුත් කෙරුණා.


RECENT ARTICLES - SINHALA

මෝටර් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්

කුඩහකපොල දුම්රිය ස්ථානය අසල ඇති දුම්රිය හරස් මාර්ගයේදී අද (16) දහවල් 12.30 ට පමණ අනතුරක් සිදුව තිබෙනවා. රියැදුරා විසින් ඉතා අපරීක්ෂාකාරීව හරස් මාර්ගය හරහා ධාවනය...

හැටනව ලක්ෂය, ලක්ෂ තුනකට බැස්සුවේ නාමල් සහෝදරයා – දිලුම් අමුණුගම

ඔවුන් හදපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද හැටනව ලක්ෂය තුන් ලක්ෂයට අඩු කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සහෝදරයා බව මව්බිම ජනතා පක්ෂයේ ජාතික...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...