25.1 C
Colombo
Tuesday, November 26, 2024

2025 පළමු මාස හතරකට අතුරු සම්මත ගිණුමක්

- Advertisement -

2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මාස 04ක කාලය සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රජය පවසන්නේ 2024-11-21 දින අභිනව පාර්ලිමේන්තුව රැස් වූ නමුත්, 2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට අදාළව ව්‍යවස්ථාපිතව නියම වී ඇති පියවරයන් අනුගමනය කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොපවතින බවයි.

ඒ අනුව, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනා කරණ පනතේ 23 (1) අනුව ගන්තියෙහි දක්වා ඇති පරිදි 2025 වර්ෂයේ මුල් මාස 04 ක කාලසීමාව සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.

ඒ අනුව, 2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම සකස් කිරීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වුණා.

RECENT ARTICLES - SINHALA

කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ - කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී...

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දින දෙකක විවාදයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පවත්වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අභිනව පාර්ලිමේන්තුවේ පළමු...

නාවුල – බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

මහවැලි ගඟේ ජල ධාරිතාව ඉහළ යාමත් සමග නාවුල - බෝවතැන්න ජලාශයේ වාන් දොරටු 06ක් අද (25) උදෑසන විවෘත කර තිබෙනවා. ජලාශය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ්...

POPULAR ARTICLES