ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති ෂෙයික් සල්මන් බින් එබ්‍රහිම් අල් කලීෆා මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර ඊයේ (03) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
බොහෝ ආසියානු රටවල් ආර්ථිකය හමුවේ, දූෂණයට ලක් වී තිබුණත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සමඟ ශ්‍රී ලංකාව රටක් ලෙස ඉදිරියට යමින් පවතින බව මෙහිදී ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපතිවරයා අවධාරණය කට තිබුණා.
ඔහු තවදුරටත් පවසා ඇත්තේ, එම ක්‍රියාමාර්ග හා සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වඩා හොඳ තලයකට රැගෙන එමින් ඇති බව තමා විශ්වාස කරන බවයි.
පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සම්බන්ධව නවීන පහසුකම් සහිත පාපන්දු ක්‍රීඩාංගනයක් මෙරටට ලබා දීමට ඔහු මෙම සාකච්ඡාව අතරතුර එකඟතාවය පළ කර තිබෙනවා.
මෙම අවස්ථාවට නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.