31 C
Colombo
Wednesday, September 18, 2024

පාසල් සිසුවෙකුට පොලීසියෙන් පහරදීම ගැන පරීක්ෂණයක්

- Advertisement -

පයාගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පිරිසක් විසින් යතුරුපැදියක් නොනැවත්වූ බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 07 වනදා අදාළ සිසුවා, පියාට අයත් යතුරුපැදියෙන් අසල ඇති වෙළෙඳසැලකට ගොස් ඇති අතර මිතුරා හෙල්මට් පැළඳ සිට නොමැති බව පොලීසිය පවසා තිබෙනවා.

එහිදී පයාගල පොලිසියේ රථවාහන අංශයේ ජංගම නිලධාරින් දෙදෙනකු ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් යතුරුපැදිය නවත්වා බැන වැදී තිබෙනවා.

එම අවස්ථාවේ දී පාසල් සිසුවා යතුරුපැදිය යළි පණගන්වා අසල පිහිටි ඥාතී නිවසක් වෙත යතුරුපැදිය ධාවනය කර ඇති බව සඳහන් වනවා.

පොලිස් නිලධාරින් ඔවුන් ලුහුබැඳ ගොස් යතුරුපැදියේ පසුපස සිටි සිසුවාට කනට පහරක් එල්ලකර යතුරුපැදිය පැදවූ පාසල් සිසුවාටද පහරවල් කිහිපයක් එල්ලකර ඇති අතර එම අවස්ථාවේ දී ඔහු බිම ඇදවැටී ඇති බවත් පසුව පා පහරක් එල්ලකර තුනටිය ප්‍රදේශය පාගා ඇති බවත් වාර්තා වනවා.

පහරකෑමට ලක්වූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල ට ඇතුළු කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පයාගල පොලීසියේ ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් බව එම කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මහින්ද දැන්වත් කියන්න ඕන ‘කොල්ලෝ අයින් වෙයන් කියලා’ – දොඩම්පහල රාහුල හිමි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා...

මගේ මානව හිමිකම් කඩවෙලා – ජනපති අපේක්ෂකයෙකුගෙන් පැමිණිල්ලක්

මැතිවරණ කොමිසමේ හම්බන්තොට සහකාර කොමසාරිස්වරයා අපේක්ෂකයකු වන තමාගේ පස්සෙන් පැන්නීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් පවසමින් ජනාධිපති අපේක්ෂකයෙකු වන ප්‍රේමසිරි මානගේ මහතා පොලීසියට පැමිණිල්ලක්...

නුවරඑළියේ භෝජන සංග්‍රහයක් මැතිවරණ නිලධාරීන් නවතයි

2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයෙකුට සහය දක්වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු විසින් (17) දින රාත්‍රියේ සංවිධානය කර තිබූ රැස්වීමකින් පසු පැවැත්වීමට නියමිතව තිබු රාත්‍රී භෝජන සංග්‍රහයක්...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...