27.7 C
Colombo
Wednesday, December 4, 2024

එන්නතක් විස වී රාගම රෝහලේ දී තරුණ මවක් මිය යෑම සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් ඇරඹෙයි

- Advertisement -

රාගම රෝහලේ දී එන්නතක් අසාත්මික වීම හේතුවෙන් තරුණියක් මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර කියා සිටියේ “Amoxiclav කියන්නේ පෙනිසීලීන් වර්ගයේ එන්නතක්, මෙවැනි එන්නත් අසාත්මිකතාවන් ඇතිකරන එන්නතක් බව අපි කවුරුත් දන්නවා. මෙවැනි එන්නතක් ලබා දීමේදී ඒ පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය රෝගියාගේ ඖෂධ භාවිතයේදී සිදුවී ඇති අසාත්මිකතාවන් සම්බන්ධයෙන් වූ ඉතිහාසය පිලිබඳව මනා දැනුමක් ලබා ගත යුතු වනවා”.

මෙම කාන්තාවට ලබාදුන් එන්නත අසාත්මික පෙන්නුම් කිරීමත් සමඟ රෝගියාගේ ජීවිතයට හානියක් නොවීම සඳහා ගත යුතු පියවරයන් රැසක් ඇති බවද ඒ මහතා සඳහන් කරනවා.

මෙහිදී රෝහල් කාර්ය මණ්ඩල ඒ ක්‍රියාමාර්ගයන්ද ගත්තේ ද යන්න පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් රෝහල් මට්ටමින් විශේෂ පරික්ෂණයක් පැවැත්වෙන බැවින් වැඩිදුර යමක් සඳහන් කළ නොහැකි බවත් එම අධිකාරියේ විධායක නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මෙන්ඩිස් සමාගමේ පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරලා

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළා.   ගෙවිය යුතු හිඟ සුරාබදු මුදල් ඉකුත් නොවැම්බර් මස...

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය අද (04) දින වාර්තා කර තිබෙනවා. ඒ අනුව, දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

POPULAR ARTICLES