27 C
Colombo
Sunday, December 15, 2024

රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම ගැන විමර්ශනයක්

- Advertisement -

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී රජරට රැජින හා සාගරිකා දුම්රියේ එංජිම අද (15) පෙරවරුවේ එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන වූ රජරට රැජින දුම්රියේ එංජිම මාරු කිරීමේදී වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එහි නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් සාගරිකා දුම්රියට දැඩි හානි සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියේ, එම දුම්රිය හෙට (16) උදෑසන ධාවනයට එක් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.

මෙම අනතුර නිසා අද පෙ.ව. 8.45ට බෙලිඅත්තේ සිට අනුරාධපුර බලා ධාවනය වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රිය ද ප්‍රමාද වී ධාවනය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති ට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඉන්දීය තොරතුරු හා...

විදුලි සේවකයින්ට පහරදුන් හිටපු පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

වසරක් පුරා නොගෙවු හිඟ විදුලි බිල් පතක් හේතුවෙන් නිවසක විදුලිය විසන්ධි කිරීම සදහා ගිය පුත්තලම විදුලි නඩත්තු ඒකකයේ නිළධාරීන්ට පහර දුන් පුත්තලම ප්‍රාදේශීය සභාවේ...

ඉන්දු – ලංකා ධීවර ගැටලු වලට එකඟතාවක්

ඉන්දු - ලංකා ධීවර ගැටලුව මිත්‍රශීලීව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට දෙරටේ නියෝජිතයින් එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා...

POPULAR ARTICLES

ජනපති ට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඉන්දීය තොරතුරු හා...

පුවත් නාලිකාවකින් ට්‍රම්ප්ට වන්දියක්

තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ වාර්තා කළ බවට අධිකරණයේ පැවති නඩුවක් සමථයට පත්කරගැනීමට ඔහුට දැවැන්ත වන්දියක් පිරිනැමීමට ලෝකප්‍රකට ABC පුවත්...