25.1 C
Colombo
Wednesday, December 25, 2024

කුඩා දරුවෙකුට අමානුෂිකව පහරදුන් පුද්ගලයෙක් සොයා පරීක්ෂණයක් (වීඩියෝ)

- Advertisement -

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අවුරුදු 4 ක් පමණ වයසැති කුඩා දරුවෙකුට අමනුෂිකව පහරදෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ලංකාදීප වාර්තා කළේ  පදවිය, වැලිඔය සම්පත් නුවර ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු විසින් ඔහුගේ නිවසේදී කුඩ දරුවෙකු කෑම කමින් සිටින අතරතුරදී අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අසල්වැසියෙකු විසින් වීඩියෝ කොට සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකරුගේ නිවස වැටලීමක් කොට ඇති අතර සැකකරු ඒ වන විටත් ප්‍රදේශයෙන් පලාගොස් සැඟව ඇති බව පොලීසිය පවසනවා.

කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද නමින් ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම පුද්ගලයා මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම දරුවාට අමානුෂිකව පහරදී ඇති අතර ඔහුට ඇති බිය නිසා කිසිවෙකු පොලීසියට මේ පිළිබඳව දැනුම් දී නොමැති බවද අසල්වාසීන් පොලීසියට දැනුම් දී තිබෙනවා.

සැකකරු සොයා මේ වන විට පුළුල් පරීක්ෂණයක් අරඹා ඇති අතර ඔහු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් ළඟම ඇති පොලීසියට හෝ සම්පත්නුවර පොලීසියට දැනුම් දෙන ලෙසටද පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

ජෙරම්ගේ වීඩියෝවට පාර්ශව රැසකින් විරෝධය

ඇතැම් පාර්ශ්ව බුදුදහමට අවමන් කරමින් සිදුකරන ක්‍රියා ආගමික ගැටුමක් දක්වා වර්ධනය වීමට පෙර ඒවාට එරෙහිව පියවර ගත යුතු බව මල්වතු සහ අස්ගිරි මහා විහාර...

පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක්

දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ඒ සඳහා...

කුරුණෑගල වෙඩි තැබීමකින් පුද්ගයෙකු මරුට

වැල්ලව, මරළුවාව ප්‍රදේශයේ නිවසක සිටි අඹු සැමි යුවළකට නාඳුනන පුද්ගලයෙකු විසින් ඊයේ (24) රාත්‍රියේ වෙඩි තබා පළාගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අඹු සැමි යුවල...

POPULAR ARTICLES