25.6 C
Colombo
Thursday, November 28, 2024

ඇවිල්ලම වෙන දේ බලාගන්න..! – අරගල භූමියෙන් ආරාධනාවක්

- Advertisement -

ගෝල්ෆේස් අරගල භූමියට ඉහළ අහසින් ඉතාමත් පහළින් තුවක්කු සහිත හෙලිකොප්ටර් යානාවක් තුන්වරක් පමණ ගමන් කළ බව අරගල භූමියෙන් වාර්තා වනවා.

මෙම තත්වය සියැසින් දැකගැනීමට අරගල භූමියට පැමිණෙන්නැයි අරගලකරුවන් ඉල්ලා සිටිනවා.

ආරක්ෂක අංශ විසින් විරෝධතා කරුවන්ට කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරමින් අහසට වෙඩි තබමින් සිටින අවස්‍ථාවක මෙය සිදුවීම විශේෂයක්.

මේ අතර, කලහකාරි ලෙස හැසිරෙන්නන් සහ ඔවුන් ප්‍රවාහනය කරන සියලු වාහන අත්අඩංගුවට ගන්නැයි ආරක්ෂක අංශ වෙත නියෝගයක් ලැබී තිබෙනවා.

තවද, බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ද දිවයින පුරා යළිත් හදිසි නීතිය ද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියෝගයක් අනුවයි.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දින ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට සූදානම් වන බව වාර්තා වනවා.

එබැවින් ඊට විරෝධය පල කිරීමට අගනුවරට පැමිනෙන්නන් සහ ඔවුන් පැමිණෙන රථ අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නුවරඑළියට තද වැසි – උඩරට දුම්රිය නානුඔයට සීමා වෙයි

නුවරඑළිය ප්‍රදේශයට තවදුරටත් අධික වැසි පතිත වීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අඛණ්ඩව විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයෙක් පවසනවා. ඉහළ...

මුරුත්තෙට්ටුවේ හිමි ඉවත් කරන්නැයි ජනපතිට ලිපියක්

දේශපාලනය හැර වෙන කිසිම දෙයක් නොකළ, ඒ නිසාම දේශපාලන පත්වීමක් ලෙස කුලපති ධූරය ලද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් එම තනතුර ඉවත් කරන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය...

පුංචි ඡන්දේ තියන දිනය ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් තීරණයක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම කොමිසමේ...

POPULAR ARTICLES