අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් වන හෙට (04) දිනයේ ඔහුව පිළිගැනීම සඳහා වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණෙන ලෙසට ආරාධනාවක් ඔහුගේ ෆේස්බුක් පිටුව හරහා සිදුකර තිබෙනවා,
ඒ අනුව, තමන්ට ආදාරය කළ, තමන් වෙනුවෙන් කැපවූ පිරිස් හෙට දිනයේ 11.00ට වැලිකඩ බන්ධනාගාරය අසලදී දැක ගැනීමට තමන් කැමති බවයි එහි සඳහන් වන්නේ.
පසුගිය කාලය පුරාවට විවිධ පාර්ශව රනන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබූ නමුත් එය සාර්ථක වූයේ නෑ.
මේ අතර, ජනාධිපතිවරයාගේ ඥාතියෙකු වන නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන තිරු නඩේෂන්ට එරෙහිව එල්ල වී ඇති ජාත්‍යන්තර චෝදනා සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීමට තමා කැමැත්තෙන් සිටින බවට රන්ජන් රාමනායක මහතා පසුගියදා ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් රාමනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසම තීරණය කරනු ලැබුවා.