25 C
Colombo
Friday, January 10, 2025

දෙහිවල සතුන්ට නම් තැබීමට අවස්ථාවක්

- Advertisement -

දෙහිවල සත්වෝද්‍යානයේදී වසංගත කාලය තුල උපත ලද පැටවුන් සඳහා නම්තැබීමේ වැඩ සටහනක් සමග තෑගි ලබාදීමටද සැලසුම් සකස් කර ඇති බව වාර්තා වනවා.

ඔරෙක්ස් ගවපැටියා, සිලූබූරු පැටියා, හිපෝ පැටියා, බූරු පැටියා යන පැටවුන් සඳහා මෙසේ නම් තැබීමක් සංවිධානය කර ඇති බවයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පවසන්නේ.

ඇය මේ බව පවසා සිටියේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තිරසාර සංවර්ධන වැඩසටහනට සමගාමීව රුපියල් මිලියන 67ක රජයේ ප්‍රතිපාදන යොදවා මීට වසර දෙකකට පෙර වැඩ ආරම්භ කර මේ වනවිට වැඩ අවසන් කර ඇති ‘හිපෝ අරණ’ සදහා හිපෝ සතුන් මුදා හැරීම සදහා පැවති මාධ්‍යය හමුවේ අදහස් පලකරමින් .

සතුන්ගේ සුභසාධන වැඩි කරමින් කූඩුවලින් බැහැරව ගතකලහැකි ඉඩකඩ සහිත සත්ව අරණවල් නිර්මාණය කර ඒ තුල සතුන්ට නිදහසේ ජීවත් වීමට ඉඩ සැලසීමත් සිදුකරනු ලබන බවත්, ඒ අනුව මේ වනවිටත් සිංහයන් සදහා සිංහ අරණත්, වදුරන් සදහා වදුරු දූපතක්ද ඇති කිරීමට කටයුතූ කර ඇති බවත් අධ්‍යක්ෂවරිය එහිදී වැඩිදුරටත් පවසන ලදි.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES