හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
දූෂණ විරෝධී පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් කොග්ගල සහ මතුගම පිහිටි බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයක් සඳහා තහනම් කිරීමට අවශ්‍ය බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (10) කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා.
එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් අනූප පස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් 2025 ජනවාරි 04 වන දින දක්වා තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කළා.