26.5 C
Colombo
Thursday, November 14, 2024

සුජීවගේ ජීප් රථය ගැන අධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

හිටපු අධිකරණ රාජ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක නීතිඥ සුජීව සේනසිංහට අයත් එකලස් කළ වාහනයක් බවට විමර්ශන කරන කලු පැහැති V8 වර්ගයේ වාහනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (12) නියෝග කළා.

එම වාහනය එකලස් කළ බවට ලද තොරතුරක් මත සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රශ්නගත වාහනය වැඩිදුර පරීක්ෂාවට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවත් ඊට අදාළ වාර්තාව ලැබෙන තෙක් අධිකරණය බාරයට ගන්නා ලෙසත් මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දී තිබෙනවා.

එම වාහනය අධිකරණයේ ගාල් කර තැබීමට ඉඩ නොමැති බැවින් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

වාහනය රුපියල් මිලියන 100 ආසන්න වටිනාමකින් යුක්ත වාහනයක් බවත් එහි වර්ණයට දැඩි අලාභ සිදුව ඇති බවත් එම අලාභය කෝටි ගණනක් බවත් සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛ නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියා.

”මෙම වාහනය කිසිසේත් එකලස් කර නැහෑ. සියයට සියයක් ස්ථිර යි, මෙම වාහනය තම සේවා දායතයා වෙත මුදා හරින්න” යැයි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ රජයේ රස පරීක්ෂකවරයා ගේ වාර්තාව ලැබෙන තෙක් වාහනය මුදා හැරීමට විරුද්ධ බවයි.


RECENT ARTICLES - SINHALA

ඡන්ද විමසීම ආරම්භ වෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබෙනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. උදෑසනම...

ගල්කිස්සේ වෙඩි තැබීමක් : පුද්ගලයෙක් මරුට

ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී අද (13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ 03වන අදියර, බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩිතැබීමෙන්...

කොළඹ කොටස් වෙළදපොළේ වාර්තාගත වෙනසක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගිය අතර ඒ අනුව මුළු අගය ඒකක 13,000 සීමාව ඉක්මවා ගියා. මීට පෙර...

POPULAR ARTICLES