ක්‍රිඩා අමාත්‍යවරයෙකු ලෙස සිටි කාලයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක් මිලදී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාලවලට ක්‍රිඩා උපකරණ ලබා දී ඇති බවට අදාළව මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු තිදෙනෙකු ගොනු කර ඇති නඩුව ලබන අප්‍රේල් 23වනදාට කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබෙනවා.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 39කට අධික මුදලක් අවභාවිත කළ බවට කියන සිද්ධියට අදාළ නීතිපති උපදෙස් සදහා ලබන එදින කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව නීතිපතිවරයාට සිහි කැඳවීමක් නිකුත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ඉදිරි දින දක්වා කල් තබන ලෙස නියෝග කර සිටියා.
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව වසර 2015 දී පවරා ඇති අතර නඩුවේ තවත් විත්තිකරුවෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු තිදෙනා අධිකරණයේ පෙනී සිටියා.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක් මිලදී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාල වලට ක්‍රිඩා උපකරණ ලබා දී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු සතොස සභාපති කර්මාන්ත ඇමැති නලින් රුවන්ජීව ප්‍රනාන්දු, චමින්ද හර්ෂජිත් යන අයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය චෝදනා ගොනු කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ඉදිරි නඩු දින අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට නියෝග කළාය.