27 C
Colombo
Thursday, February 20, 2025

මහජන ආරක්ෂක අමාත්‍යංශයට නොතීසි නිකුත් කරන ලෙස අහියාචනාධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ තීන්දුවකට එරෙහිව මාධ්‍යවේදියකු අභියාචනාධිකරණයට ගොනු කර ඇති අභියාචනයකට අතරමැදි පෙත්සම්කරුවකු ලෙස ඉදිරිපත් වීම සඳහා එම කොමිෂන් සභාව කළ ඉල්ලීමකට මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මනුෂිකා කුරේ මහත්මිය අද (05) විරෝධය පළ කළාය.

පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරි නිලධාරීන්ට චෝදනා පත්‍ර දීම ගැන තොරතුරු මහජන ආරක්ෂක අමාත්‍යංශය මුදා නොහැරීමට අදාළව සමාජය හා සාමයික කේන්ද්‍රය වෙනුවෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින්  තොරතුරු කොමිසමට මෙම මුල් අභියාචනය ගොනු කර තිබුණා.

අභියාචනය විභාග කර අදාළ තොරතුරු එම අමාත්‍යංශයේ නොමැති බවට තොරතුරු කොමිසම කළ තීන්දුව නීතියට පටහැනි බැවින් එම තීන්දුව ඉවත් කර තොරතුරු මුදා හැරීමට නියෝග කරන ලෙස ඉල්ලමින් තරිඳු ජයවර්ධන මෙම අභියාචනය අභියාචනාධිකරණයට යොමු කර තිබෙනවා.

අද මෙම අභියාචනා පෙත්සම විනිසුරු ඩී.එම් සමරකෝන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම මෙහි අතරමැදි පෙත්සම්කරුවකු ලෙස ඉදිරිපත් වීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී තරිඳු ජයවර්ධන වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය තොරතුරු කොමිසම මෙම නඩුවට මැදිහත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කළා.

තොරතුරු කොමිසමේ තීන්දුවලට එරෙහිව ලැබෙන අභියාචනා සඳහා කොමිසම මැදිහත්වීමට අවසර ඉල්ලූ අවස්ථාවලදී එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා කෙසේවෙතත් අදාළ ලේඛන ගොනු කිරීමට සඳහා කොමිසමට දින ලබා දුන්නා.

එම ලේඛන ගොනු කිරීමෙන් පසු ඊට විරෝධතා ගොනු කිරීම සඳහා පෙත්සම්කාර මාධ්‍යවේදියාටද දින ලබා දුන් අධිකරණය පෙත්සම කැඳවීම ජුනි මාසය තෙක් කල් තැබුවා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එහි පළමු වගඋත්තරකරු වූ මහජන ආරක්ෂක අමාත්‍යංශට නියෝග කර තිබුණද එම අමාත්‍යංශ අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිට නැහැ.

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යංශට ඉදිරි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි යැවීමටද මෙහිදී නියෝග කෙරුණා.

තොරතුරු දැන ගැනීමේ කොමිසම සිය තීන්දුව ලබා දිමේදී පනතේ ප්‍රතිපාදන මෙන්ම කොමිසම විසින්ම සකස් කරන ලෙස රීති ද උල්ලංඝනය කර ඇතැයි ද, කොමිසම නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර නැතැයි ද තරිඳු ජයවර්ධන සිය පෙත්සම මඟින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පාස්පෝර්ට් ගන්න එන අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන...

ඝාතනය ගැන වෙඩික්කරු පාපොච්චාරණය කරයි

0
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවක් මත බව අත්අඩංගුවට පත්...

ගණේමුල්ල සංජීවගේ දේහය ගැන අධිකරණ නියෝගයක්

වෙඩි තබා ඝාතනය කළ අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීවගේ මරණ පරික්ෂණය සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග...

POPULAR ARTICLES

පාස්පෝර්ට් ගන්න එන අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන...

ඝාතනය ගැන වෙඩික්කරු පාපොච්චාරණය කරයි

0
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවක් මත බව අත්අඩංගුවට පත්...

ප්‍රවීණ කවියෙකු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කවියෙකු වූ උපුල් සේනාධිරිගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ඔහු 65 වන වියේ පසු වුණා. කාව්‍ය කෘති ගණනාවක් රචනා කරමින් කාව්‍ය කෘති පළ...