15 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් සමූහ අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පිරිසෙන් එක් අයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
එමෙන්ම සිද්ධියට සම්බන්ධ එම දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා ඇතුළු හය දෙනෙකු ලබන 11 වැනි දින තෙක් මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානයෙහි පරිවාස ගත කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
සැකකරුවන් හෝමාගම මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන හෝමාගම මූලක රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබුණා.
එහිදී සැකකරුවන් හත් දෙනා අතුරින් තිදෙනෙකු දැරිය අපයෝජනයට ලක් කිරීම සහ අනෙකුත් සිව් දෙනා සිද්ධියට අනුබල දීම යන චෝදනා යටතේ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එහිදී හෝමාගම මූලස්ථාන පොලීසිය වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත මානවඩු මහතා අධිකරණය වෙත කරුනු දක්වමින් පැවසුවේ ලිංගික අතවරයට පත් දැරිය තවදුරටත් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් නොවන බැවින් සැකකරුවන් රක්ෂිත එළැඹෙන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා බාල වයස්කාර සැකකරුවන් හය දෙනා මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානය වෙතත් 19 හැවිරිදි තරුණයා බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළා.