30 C
Colombo
Wednesday, October 16, 2024

කේබල් කාර් ව්‍යාපෘතියට බාධාකිරීම වළක්වාලමින් නියෝගයක්

- Advertisement -

අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා කිසිදු බාධා කිරීමක් හෝ මැදිහත්වීමක් සිදුකිරීම වළක්වාලමින් අභියාචනානාධිකරණය විසින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත අතුරු නියෝගයන් නිකුත් කළා.

තම ව්‍යාපෘතියට බාධා එල්ලවන බව සඳහන් කරමින්, පෞද්ගලික සමාගමක් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලා තිබෙනවා.

පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා සියලු රාජ්‍ය ආයතන අවශ්‍ය අනුමැතිය ලබාදී තිබියදී ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය එම කටයුතුවලට බාධා සිදු කරන බවට චෝදනා කළා.

ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බව සඳහන් කරමින් විවිධ බාධාවන් පමුණුවන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කීපදනෙකු අත්අඩංගුවට පවා ගෙන තිබෙන බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මේ පිළිබඳ පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලබාදී තිබූ බවත් සඳහන් කර සිටියා.

මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ බලයට යටත් වන ප්‍රදේශයක් බවත් එහි කටයුතුවලට මැදිහත්වීමට ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට කිසිදු බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

මෙම බාධා කිරීම් හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය නියමිත කාල සීමාව තුළ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම ව්‍යාපෘතිය සඳහා බාධා කිරීම් හා අනිසි මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළ අතර පෙත්සම යළි මේ මස 29 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

ගම්පොළ ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි ජයරත්න, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පුංචිලෝකාන්තයෙන් තල්ලු කළ අයෙකුගේ සිරුර දින 16කට පසු හමුවෙලා

පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචි ලෝකාන්තයේ අඩි 1000ක පමණ ප්‍රපාතයකට තල්ලුකර තිබූ ත්‍රිරෝද රථ රියදුරුගේ මළසිරුර සොයාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, දින 16කට පසුව අද (16)...

ගෝලීය අවශ්‍යතාවයට අනුව අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් සකස් කරන්න ඕන-අනුර

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ...

බෝවන රෝග පැතිරීමේ අවධානමක්

ක්‍රමයෙන් ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කරන්නේ පාචනය, ලේ අතීසාරය,...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...