මුලතිව් වෙල්ලමුල්ලිවයිකාල් වෙරළට ඔබ්බෙන් වූ මුහුදට පාවී ආ මියන්මාර් සරනාගතයින් සහිත යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලය ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අදාළ යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම මියන්මාර් සරණාගතයින් සියයට අධික පිරිසක් සමග යාත්‍රාව නාවික හමුදාව විසින් සිය භාරයට ගනු ලැබුවා.
ඒ, එම පිරිස ඊයේ (20) දිනයේදී ත්‍රිකුණාමල වරාය වෙත රැගෙන ඒමත් සමඟයි.
මුලතිව්, වෙල්ලමුල්ලෙ වයික්කාල් මුහුදු තීරයට පාවී ආ බෝට්ටුවේ විදේශිකයින් 115 දෙනෙක් සිට තිබෙනවා.
ඒ අතර ළමුන් 45ක්, කාන්තාවන් 24ක් හා පිරිමි පුද්ගලයින් 46ක් සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ, අදාළ පිරිස මියන්මාරයේ සිට පසුගිය 04 වැනි දා මෙරටට පැමිණීමට බෝට්ටු තුනකින් පිටත්ව ඇති බවයි.