26.4 C
Colombo
Wednesday, November 27, 2024

සහල් තොගයක් විනාශ කරන්න නියෝග‍යක්

- Advertisement -

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල  හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ “අමුල්” වර්ගයේ ආනයනික සහල් කිලෝ 17,925ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිරීක්ෂණය මත විනාශ කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ  මහත්මිය අද (27) නියෝග කළා.

සහල් තොගයේ කල්ඉකුත් වීමේ දිනය වසර දෙකක් ඉදිරියට දමා වෙනස් කළ කොළඹ 14, සහල් ආනයනික සමාගමකට හා  හිමිකරුට එරෙහිව පාරිභෝගි කටයුතු අධිකාරිය පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවයි මෙම නියෝගය නිකුත් කළේ.

පසුව සහල් ආනයනය කළ ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කළා.

විත්තිකරු අධිකරණය ඉදිරියේ වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඩය නියම කෙරුණා.

නිලධාරීන් පවසන්නේ, කොළඹ 14 විත්කරුගේ ගබඩාවේ තිබී  කිලෝ 25ක් බරැති  සහල් මිටි 717 ක් අත්අඩංගුවට ගෙන මුද්‍රා තැබූ බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේත්‍රාත්වරිය  පාරිභෝගික නිලධාරීන් ඉදිරියේදි සතියක් ඇතුළත සහල් තොගය විනාශ කරන ලෙසට නියෝග කළ අතර විත්තිකරුට රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කළා.

RECENT ARTICLES - SINHALA

කලාවැවේ හදිසි වාන්දොරටුත් විවෘත කරලා

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හා වාන් දැමීම හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙකම අද පස්වරුව වනවිට අඩි18 බැගින් විවෘත කර...

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළාත් ආණ්ඩුකාර...

නැගෙනහිර වෙරළට ආසන්නව ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්...

POPULAR ARTICLES