31 C
Colombo
Wednesday, September 18, 2024

බලෙන් අල්ලාගත් සුපිරි නිවස අයිතිකාරියට දෙන්නැයි ඥානසාර හිමිට නියෝගයක්

- Advertisement -

ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලද බව කියන කෝටි 10ක් වටිනා සුඛෝපභෝගි මහල් නිවාසයක් එය අයිති පෙත්සම්කාරියට නීත්‍යනුකූලව භුක්ති විඳීමට ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා පසුගියදා (12) නියෝග කර තිබෙනවා.

කොළඹ 4 පදිංචි ඉනෝකා චන්දිමා සේනානායක නමැති කාන්තාවක් ජ්‍යෙෂ්ඨ නීතිඥ නිල නොලත් මහෙස්ත්‍රාත් සන්ධ්‍යා තල්දුව මහත්මිය මඟින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෞද්ගලික නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි, උන්වහන්සේගේ ගෝල හිමිනමක් වන දයාසීග හිමියන්ට හා එම නිවෙසේ මුරකරු වශයෙන් කටයුතු කළ බව කියන සිල්වෙස්ටර් නමැති තිදෙනෙක් මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

බම්බලපිටිය ෆැල්කන් රෙසිඩන්ස් නමැති එම සංකීර්ණයේ පිහිටි එම සුඛෝපභෝගී නිවෙස තම පියාගේ සහෝදරියට අයත් එකක් බවත් 2023 වසරේ මැයි 18 වැනි දින එය තමා භාරයට පත් කළ ඇය විදේශගත වූ බවද ඒ අනුව එදින සිට නිවෙස නඩත්තු කරමින් රැක බලා ගනිමින් තමන් භුක්ති විඳිමින් සිටි බවද පැමිණිලිකාරීය සිය පැමිණිල්ල මඟින් පෙන්වාදී තිබුණා.

එම නිවෙස නඩත්තු කරමින් හා රැකබලා ගනිමින් සිටින විට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් නිවෙස පිහිටි ස්ථානයට පැමිණ තමන්ට හා තම දියණියට එම නිවෙසට ඇතුල්වීමට ඉඩනොදී බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු බවද පෙත්සම්කාරිය ගොනුකර තිබෙන පැමිණිල්ලේ සඳහන්.

එම සිදුවීමෙන් දින කිහිපයකට පසු සැකකාර ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේනමක් තමන්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් නිවෙසින් ඉවත් වන ලෙසට බලපෑම් කළ බවත් ඒ අනුව තමා ඒ පිළිබඳව බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර නිවෙස වෙත ගිය විට එහි ආරක්ෂාවට යොදවා සිටි නිලධාරියා නිවෙස වෙත ඇතුල් නොවන ලෙස තමාට තර්ජනය කළ බවද ඇය එම පැමිණිල්ල මඟින් පෙන්වාදී තිබෙනවා.

තමන්ට එල්ල වී තිබෙන මරණීය තර්ජන හේතුවෙන් තමන් හා තම දියණිය එම නිවාස සංකීර්ණයෙන් ඉවත්ව ඒකල ප්‍රදේශයට පැමිණ තාවකාලිකව පදිංචිව සිටින බවද මේ සම්බන්ධයෙන් තමාට නීතියේ පිළිසරණ ලබාදෙන ලෙසද පැමිණිලිකාරීය සිය නීතිඥවරිය මඟින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

ඒ අනුව, මෙම පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව  බම්බලපිටිය ෆැල්කන් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි 10ට අධික වටිනාකමින් යුත් නිවෙසක් වහාම එම කාන්තාවට භාර දෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු වගඋත්තරකරුවන් තිදෙනකුට පසුගියදා (12) නියෝග කළේය.

එම නියෝගය කඩ කළහොත් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව දැඩි දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවද මහෙස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන් තිදෙනාට දැනුම් දී තිබෙනවා.

පෙත්සම්කාර කාන්තාව සිය නීතිඥවරිය මඟින් අධිකරණය හමුවේ දැක්වූ කරුණු අනුව ඇය එම නිවෙස භුක්ති විඳ ඇති බව පැහැදිලි වන බවත් උත්තරකරුවන් බලහත්කාරයෙන් පෙත්සම්කාරියට එම දේපළ භුක්ති විඳීම අහිමිකර ඇති බවට කරුණු තහවුරු වන බවද මහෙස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ පවසා සිටියා.

එම නිසා එම දේපළෙහි සාමකාමී නිරවුල් භුක්තිය පෙත්සම්කාරියට හිමිවිය යුතු බවද සිය තීන්දුව ලබාදෙමින් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා. (මව්බිම)

RECENT ARTICLES - SINHALA

ගෝඨාභය පව් එයාව බිලිදුන්නා – අනුර

ගෝඨාභය රාජපක්ෂ මහතාට බෙල්ල දීමට සිදුවූයේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි කාලයේ ගත් වැරදි තීන්දුවලට බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා....

පොලිස් සැරයන්වරයෙක්ට පහර දුන් සිව්දෙනෙක් අත්අඩංගුවට

පොලිස් සැරයන්වරයකුට පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් තිදෙනකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසනවා. බීමතින් පැමිණි පිරිසක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ...

තාත්තගේ කාලයේ ගත්තු හැම ණයකටම අපි වග කියනවා – නාමල්

රාජපක්ෂ ආණ්ඩුවේ නිර්දෝශීභාවය ඔප්පුකර පෙන්වීමට තමා සුදානම් බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා පවසන්නේ, රට ගොඩනැගීමට ඔවුන්ට...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...