26 C
Colombo
Friday, October 25, 2024

කුඩා බලු පැටවුන් අතර හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක්

- Advertisement -

හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක් කුඩා බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක මහතා පවසනවා.

මෙම ශ්වසන රෝගය සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිකාරයක් නොමැති බවයි වාර්තා වන්නේ.

මාස 8ට අඩු සුරතල් සතුන් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැක බලා ගන්නා ලෙස ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

හුස්ම ගැනීමේ අපහසුතාව හා වේගයෙන් හුස්ම ගැනීම වමනය හා පාචනය විදුරු මස අවපැහැ ගැනීම (සුදුමැලි බව) කෑම අරුචිය කම්මැලි බව මෙහි රෝග ලක්ෂණයක් වන අතර දෙමුහුන් පැටවුන් අතර මෙය ශීඝ්‍ර ලෙස පැතිර යන බවද සොයා ගෙන තිබෙනවා.

මේ වන විට මධ්‍යම පළාතේ මහනුවර නුවරඑළිය හා මාතලේ ප්‍රදේශ තුල මෙය බහුල ලෙස පැතිර ගොස් ඇති අතර ගම්පොල, නාවලපිටිය, ගිනිගත්හේන හා හැටන් ප්‍රදේශ තුල සිටින බලු පැටව් අතරින් සියයට 80ක ප්‍රමාණයක් මෙම රෝගයට ගොදුරු වී ඇති බව සඳහන්.

මෙය වළක්වා ගැනීම සඳහා කුඩා පැටවුන් හට යෝගට් ඇතුළු ශීත ආහාර මෙන්ම එළකිරි දීමෙන් වළකින ලෙසත් පැටවා මාස හතර පහක් යනතුරු නෑවීමෙන් වළකින ලෙසයි පශු වෛද්‍ය උපුල් සාගරතිලක මහතා උපදෙස් ලබා දෙමින් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...