ඉන්දීය ධීවරයෙකුගේ යැයි සැකකරනු ලබන මළ සිරුරක් මුලතිව්, මුල්ලිවයිකාල් මුහුදු වෙරළට අද (19) ගොඩ ගසා තිබෙනවා.
එහිදී මෙම ධීවරයාගේ පපුව ප්‍රදේශයේ තෙළිගු භාෂාවෙන් ලියන ලද අක්ෂර තිබීම හේතුවෙන් ඔහු ඉන්දිය ධීවරයෙකු බවට විශ්වාස කරන බව වාර්තා වනවා.
මළ සිරුර මුහුදු වෙරළට ගොඩ ගැසීමෙන් පසුව මුලතිව් ධීවරයෝ ඒ අසල යුද හමුදා කදවුරේ නිලධාරීන් වෙත ඒ බව දැනුම් දී ඇති අතර, එම ප්‍රදේශයට පොලිසිය පැමිණීමෙන් පසුව මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා මුලතිව් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
එමෙන්ම, මේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයද දැනුම්වත් කර ඇත්තේ, ඉන්දියාවේ රාමෙ වරන් ධීවර සංගම් සඳහා මුලතිව් ප්‍රදේශයේ ධීවරයන් විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කොට අතුරුදහන් වූ ධීවරයෙකු සිටී නම් ඒ පිළිබදව විමසිලිමත් වන ලෙසයි.