28 C
Colombo
Sunday, September 8, 2024

විදේශ රැකියා ගැන රජයෙන් හදිසි තීරණයක්

- Advertisement -

රජය වෙත ලැබෙන විදේශ රැකියා අවස්ථාවන්ගෙන් සියයට 25ක් විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ඒ අනුව එහි පළමු කණ්ඩායම මෙම මස අවසානයේ ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

විශ්‍රාමික හා වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු සම්බන්ධව සොයාබැලීම සඳහා මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී සංවිධානය කර තිබූ වැඩසහනකට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ආරක්‍ෂක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව, රණවිරු සේවා අධිකාරිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, බැංකු කටයුතු සහ අනෙකුත් සේවාවන් ලබාගැනීමේදී රණවිරු පවුල්වල සාමාජිකයන් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද එහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළා.

රජය විසින් දැනට ක්‍රියාත්මක කරන ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ ‘උරුමය’ වැඩසටහන යටතේ රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්‍රමුඛත්වය ලබාදීමට මෙන්ම රුපියල් 100ක විශේෂ නාමමාත්‍රික බද්දකට පමණක් යටත්ව දැනට භුක්ති විඳින ඉඩම්වල අයිතිය සඳහා බලපත්‍ර නිකුත්කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම සේවයේ නියුතු මෙන්ම විශ්‍රාමික හමුදා සාමාජිකයන් වෙනුවෙන් සහනදායී පොලී අනුපාතිකයක් යටතේ විශේෂ ණය පහසුකම් ලබාදීමට යෝජනා වී ඇති බවද ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කල්මුණ සහ කැබිතිගොල්ලෑව පොලිස් වසම්වල දී සිදු වූ වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් එක් අයෙක් සිදුවූ වනඅලි පහරදීමකින් මියගොස් ඇත්තේ, කල්මුණ බස් නැවතුම්පොළ...

21න් පස්සේ හොර නඩයම දොට්ට දාන්නෙ ‘මෙහෙමයි’ – අනුර

එළඹෙන 21 දිනයෙන් පසුව තම පක්ෂය පිහිටුවන රජයේ රාජ්‍ය ඇමතිවරු නොමැති නියෝජ්‍යය ඇමතිවරු පමණක් සිටින 25 දෙනෙකුගෙන් යුත් විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් සාදන බව...

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනය අද 

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය ප්‍රකාශයට පත්කර ඇති නිසා අද පෙ.ව. 8.00 සිට ප.ව....

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...