ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (06) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පළාත් අධ්‍යාපන ලේකම්වරයා මේ බව සඳහන් කළා.
පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ, තවදුරටත් ගංවතුර බලපෑම එල්ලවී ඇති පාසල් සහ අවතැන් මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා ඇති බවයි.