ඩේලිමිරර් පුවත්පතේ ඊයේ (15) දිනයේදී “ලංකාවේ NGO නීතිය හදන්න ඇමෙරිකාව මැදිහත් වී ඇත” සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ප්‍රවෘත්තියේ සඳහන් ආකාරයට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ නීති සකස් කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත්වීමක් සිදුවූයේ නැති බව එම නිවේදනයේ සඳහන්.
කෙසේවෙතත්, එහෙත් රාජ්‍ය නොවන සංවිධාන නීතිය සකස් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හා රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන ජාතික එකමුතුව මීට අදාළව සාකච්ඡාවන් පස් වතාවක් පවත්වා ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙනවා.
මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්,