පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභාවන්හි ඡන්දය මැයි 6 වනදාම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද (27) නිවේදන කළා.
ඒ, අදාළ ආයතන තුනෙහි නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද මධ්‍යහන 12.00ට අවසන් වීමෙන් අනතුරුවයි.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පැවසුවේ 2025 මාර්තු 10 වන දින මෙම ප්‍රාදේශීය සභා තුන සඳහා නාමයෝජනා කැඳවූ බවයි.
නාමයෝජනා භාරගැනීමේදී ඇති වූ ගැටලු සහගත සිදුවීම් කිහිපයක් පදනම් කරගනිමින් මෙම පළාත් පාලන ආයතනයන්හි ඡන්දය පැවැත්වීමට එරෙහිව නඩු පවරා තිබුණා.
කෙසේ නමුත් එම නඩු පැවරූ පාර්ශ්ව විසින්ම අදාල නඩු ඉවත්කරගැනීම හේතුවෙන් එම ආයතන තුනෙහි නාමයෝජනා භාරගැනීමේ කටයුතු අවසන්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.
