27 C
Colombo
Thursday, April 24, 2025

විල්පත්තු තීන්දුව බලරහිත කරන්න..! – බදියුදීන්ගෙන් අභියාචනයක්

- Advertisement -

විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටි කැලෑ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව දී ඇති තීන්දුවක් බලරහිත කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනයක් සලකා බැලීම සඳහා ජනවාරි මස 19 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) නියම කළා.

ඒ, මෙම අභියාචනා පෙත්සම ගාමිණී අමරසේකර, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කරන අර්ජුන ඔබේසේකර මෙම සිද්ධියට අදාළ අභියාචනාධිකරණ නඩු විභාගය සඳහා ද සහභාගී වී ඇති හෙයින් මෙම පෙත්සම සලකා බැලීම වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඒ අනුව පෙත්සම සලකා බැලීම ජනවාරි මස 19 වනදා සිදු කිරීමටයි අධිකරණය නියම කළේ.

විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටා තිබෙන කල්ලාරු රක්ෂිතයේ ගස් කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ නඩුවක තීන්දුව ලබාදෙමින් අදාළ ප්‍රදේශයේ සිය පුද්ගලික වියදමින් පැල සිටුවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය තමන්ට නියෝගයක් නිකුත් කළ බවයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සිය අභියාචනයේ දක්වා ඇත්තේ.

එම අභියාචනාධිකරණ තීන්දුව දෝෂ සහගත බවත් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු සිය අභියාචනය මගින් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES