බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා.
නිෂ්කාශනය කිරීම ප්‍රමාද වූ තවත් බහලුම් 800 ත් 1000 ත් අතර සංඛ්‍යාවක් තවදුරටත් හිරවී ඇති බවත් මෙම බහලුම් ප්‍රමාණය නිදහස් කිරීමට තවත් දින තුනකට අධික කාලයක් ගතවනු ඇති බවත් රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළා.