රුපියල් බිලියන 61.5ක ණය මුදලක් මෙරටට ලබාදීමට චීනය තීරණය කර ඇති බව චීන තානාපති කාර්‍යාලය පවසනවා.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් පල කළ ට්විටර් සටහනක දැක්වෙන්නේ චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර ඊට අදාල මූල්‍ය පහසුකම් ගිවිසුමකට අද අත්සන් තැබුනු බවයි.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව කොරෝනා වසංගත තත්ත්වය පාළනය, ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරභාවය, ජීවනෝපාය වැඩි දියුණු කිරීම යන කාර්්‍යයන් සඳහා සහයක් වශයෙන් එම ණය මුදල ලබා දෙන බවයි චීන තානාපති කාර්යාලය පවසන්නේ.
