25 C
Colombo
Friday, October 25, 2024

අලි සබ්‍රි රහීම්ට තවත් චෝදනාවක්

- Advertisement -

පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසින් වසර ගණනාවක් පුරා රජයට අයත් අක්කර 214ක භූමියක් අනවසරයෙන් භුක්ති විඳ ඇතැයි අනාවරණය වී තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ බව හෙළිදරව් වී ඇති බවට වාර්තා වෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ ඉඩම පෞද්ගලික සමාගමක් නමින් ලුණු නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇතැයි බවයි.

කෙසේවෙතත් වසර 14ක පමණ සිට මෙම ඉඩමෙන් රජයට බදු නොගෙවීම හේතුවෙන් රුපියල් කෝටි 20ක ආසන්න මුදලක පාඩුවක් සිදුව ඇතැයි ද පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී හෙළිවී තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන ලෙස නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දැනුම්දෙන බවයි.

“පුත්තලම දිස්ත්‍රික්කයේ රජයේ ඉඩමක් වසර ගණනාවක් එයාලා අනවසරයෙන් අක්කර 214ක් ලුණු නිෂ්පාදනය කරලා තියෙනවා. මේ ගැන හොයලා බලලා කල්පිටියේ හිටපු ප්‍රාදේශීය ලේකම්තුමා මේ අයට දැනුවත් කරලා තියෙනවා මේ ඉඩමට බදු ගෙවන්න කියලා. මේ අය බදු ගෙවලා නෑ. බදු ගෙවලා නැති නිසා එතුමා මේක සම්පුර්ණයෙන්ම රජයට පවරාගෙන තියෙනවා. එතකොට ඒ සියලුදේ රජයට අයිති වෙනවා. මේක අනවසරයෙන් අවුරුදු 15ක් වගේ භුක්ති විඳලා තියෙනවා. රු 10ක් වත් රජයට බදු ගෙවන්නේ නැතිව. මේ කූඨ ව්‍යාපාරිකයා දේශපාලනයට සම්බන්ධයි කියලා පස්සේ තමයි දැනගන්න හම්බවුණේ. පුත්තලම් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍ර්රි රහීම් එයාගේ කටින්ම කිව්වට පස්සේ තමා මමත් දන්නේ. නැත්නම් මම දන්නේ නෑ කවුද අයිතිකාරයා කියලා. මේකේ තිබුණ සියලු සම්පත් මේ පුද්ගලයා තවමත් භුක්ති විඳිනවා.

225 මේ රටේ මිනිස්සු පළ යන්න කියලා බනිනකොට, අපිට පුංචි කැක්කුමක් එනවා හොරකම් නොකරපු මිනිස්සු හැටියට මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ගියාම අපි බැනුම් අහනවා. මම කියන්නේ මේකේ නියම බද්ද එකතු කරගන්න. අඩුම තරමේ මේ දේපළ රජයේ නිසා ඒවා රජයේ සන්තකයේ තියා ගන්න. ඕනම දේශපාලනඥයෙක් හොරකම් කරලා තියෙනවා නම්, ඔන්න දැන් බඩුත් එක්ක හොරු අහුවෙලා තියෙනවා. ඒවට දඬුවම් කරන්න අධිකරණයට භාරයි. නිලධාරීන්ට භාරයි”

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...