ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ තවත් ප්‍රහාරයකින් පලස්තීනුවන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය දින දෙකේදී පමණක් එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 130 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇති බවට තහවුරු වී ඇති බවයි.
ගාසා තීරයේ සෞඛ්‍ය මධ්‍යස්ථාන 27 කට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර 136 ක් වාර්තා වී ඇතැයිද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.