26.8 C
Colombo
Wednesday, November 27, 2024

රනිල්ට තවත් නඩුවක්

- Advertisement -

පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරු ධූර සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලා ගොනුකළ පෙත්සමක වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබෙනවා.

අදාළ පෙත්සම ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය විසින් ඉදිරිපත් කර තිබූ අතර, එය අද ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙහිදී අදාල පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කරමින් මෝසමක් ගොනු කර ඇති බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව විරෝධතා පවති නම් සති හතරක් තුළ ගොනු කරන ලෙස වග උත්තරකාර රනිල් වික්‍රමසිංහට කල් ලබා දුන් විනිසුරු මඩුල්ල, පෙත්සම විභාගය සඳහා ලබන මාර්තු මස 10 වනදා කැඳවන ලෙසත් නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

E8 ගැන පැමිණිලි රැසක්

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ...

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථායීතාවය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවැනි උප වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රතිපත්ති මත පදනම් වූ ඩොලර් මිලියන 200ක ණයක්...

මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීමේ යෝජනාවක් හේෂාගෙන් පාර්ලිමේන්තුවට

සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙනවිත් තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු වරප්‍රසාද රැසක් කප්පාදු කරන...

POPULAR ARTICLES