29 C
Colombo
Sunday, July 7, 2024

කෙහෙළිය​ගේ තවත් නඩුවක් ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශ​න

- Advertisement -

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී එම අමාත්‍යාංශට අයත් නිල රථ දෙකක් අමාත්‍ය ධූරය අහිමි වීමෙන් පසු යළි භාර නොදීම සම්බන්ධයෙන් සිවිල් පුරවැසියෙකු කරන ලද පැමිණිල්ලක් මත එම විමර්ශනය ආරම්භ කර තිබුණා.

2022 වසරේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ඔහුට සහ කාර්ය මණ්ඩලයට භාර දී තිබූ වාහන කිහිපයක් 2023 වසරේ පරිසර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු එම අමාත්‍යාංශය යටතේ භාවිතා කර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනුම් දීම මත කාර්ය මණ්ඩලය වෙත නිකුත් කර තිබූ මෝටර් රථ පමණක් නැවත භාර දී ඇතත්, අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමෙන් පසු කෙහෙළිය රඹුක්වැල්ලට ලබා දී තිබූ නිල රථ දෙක භාර දී නොමැති බවයි.

කෙසේ වෙතත් පසුගිය මැයි මස 24 වනදා එම රථ සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී තිබුණ ද එම නිල මෝටර් රථ අවභාවිතා කර තිබේද යන්න පිළිබදව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවකයින් 2.9% කින් අඩු වෙලා

රාජ්‍ය අංශයේ සේවා නියුක්ත මුළු සේවක සංඛ්‍යාව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී සියයට 2.9කින් අඩුවී තිබෙනවා. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවක් උපුටා...

හෙට – අනිද්දා වර්ජනය ගැන හෙද සංගමයෙන් තීරණයක්

හෙට (08) සහ අනිද්දා (09) ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සමස්ත ලංකා හෙද සංගමය සහභාගී නොවන බව එම සංගමය පවසනවා. එහි...

උසස් පෙළ සමත් සිසුන්ට සුබ ආරංචියක්

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් 2017 වර්ෂයේ...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...