ශ්රී ලංකාව චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් මාත්රා මිලියන හතරේ පළමු කොටස අද (05) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබේ.
ඒ, ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ විශේෂ ගුවන් යානයෙන්.
ඇණවුම් කළ සයිනොෆාම් එන්නත් මිලියන 4න් තවත් කොටසක් හෙට මෙරටට ලැබීමට නියමිතයි.
ශ්රී ලංකාව විසින් මේ වන විට සයිනොෆාම් එන්නත් මාත්රා මිලියන 22ක් මිලදී ගෙන ඇති බව ශ්රී ලංකා චීන තානාපති කාර්යාලය මීට පෙර නිවේදනය කරනු ලැබුවා.