27.9 C
Colombo
Saturday, November 23, 2024

සිලින්ඩරේට තවත් ලෙඩක්

- Advertisement -

පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ සිය පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග සන්ධාන ගතවී තරඟ කළ බැවින් ජාතික ලැයිස්තුවෙන් හිමිවී ඇති මන්ත්‍රීධුරය සම්බන්ධව එම පෙරමුණ සමග සාකච්ඡා කළ බවයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මතුව ඇති ජාතික ලැයිස්තු අර්බුදය සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (22) පස්වරුවේ පක්ෂ මූලස්ථානයේදී රැස්ව වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

එහිදී  ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවිය යුතු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය පක්ෂයට ලබා දිය යුතුය යන ස්ථාවරයට පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය රැස්වී තීන්දුවක් ගත් බවයි.

RECENT ARTICLES - SINHALA

තවත් ජාතික ලැයිස්තුවේ නමක් ගැසට් කරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම...

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ දුරකතන භාවිතය ගැන දැනුම්දීමක්

අනිද්දා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්...

දොස්තර සාෆි ගැන විමර්ශන කළ DIG දෙදෙනාට වැඩ වරදියි

ජාතින් අතර අසමගිය ඇතිකිරීම සඳහා සැලසුම්සහගතව හාා කුමන්ත්‍රණකාරීව ව්‍යාජයක් ප්‍රකාශයක් සිදු කරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සහ කූඨලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය...

POPULAR ARTICLES