26.2 C
Colombo
Friday, November 8, 2024

ඉන්දීයාවෙන් තවත් පරිත්‍යාගයක්

- Advertisement -

අමෙරිකානු ඩොලර් 15,500 ක වටිනාකමින් යුතු ඖෂධ තොගයක් ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කර තිබේ.

එම ඖෂධ තොගය මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත භාරදීම කොළඹ වරායේ දී සිදුකරන ලදි.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 95 කින් සමන්විත එම පරිත්‍යාගය ඉන්දීය නාවික හමුදාවට අයත් INS GHARIAL නෞකාව මගින් මෙරටට රැගෙනවිත් තිබුණි.

ශ්‍රී ලංකාව ඖෂධ හිඟයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක ඉන්දියාවෙන් ලැබෙන සහයෝගය අගය කරන අතර සෑම අසීරු මොහොතකම අසල්වැසි රට ලෙස ඉන්දියාව ලබාදෙන අනුග්‍රහයට ස්තූතිය පළකරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට ඉන්දියානු මහ කොමසාරිස්වරයා හමුවේ ප්‍රකාශ කර ඇත.


RECENT ARTICLES - SINHALA

අල්ලස් ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්

තම පාසලේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන්ගෙන් රුපියල් 150,000/-ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාගම, මත්තුමගල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනිය...

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසනවා. කිසියම්...

නිහඬ කාලයේදී සමාජ මාධ්‍යවලත් ප්‍රචාරණ කටයුතු බැහැ

නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී...

POPULAR ARTICLES