25 C
Colombo
Friday, October 25, 2024

බෝම්බ බියක් හේතුවෙන් තවත් ගුවන් යානයක් කටුනායකට

- Advertisement -

ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ට පැමිණෙමින් තිබූ ඉන්දීය විස්ටාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලැබී තිබූ දුරකථන ඇමතුමක් හේතුවෙන් එම යානය විශේෂ පරික්ෂාවට ලක් කළ බව කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පවසන්නේ, අද සවස 3:15ට කටුනායකට පැමිණිමට නියමිතව තිබූ එම ගුවන්යානයේ බෝම්බයක් ඇති බවට එය ගොඩබෑමට පෙර දුරකථන පණිවුඩයක් ලැබී තිබුණු බවයි.
  
ඒ සම්බන්ධයෙන් දැනුම්වත් වීමෙන් අනතුරුව අවශ්‍ය සියලුම ආරක්ෂක පියවර ගත් බව ගුවන්තොටුපොළ පාලනාධිකාරිය පවසනවා.

කුඩා දරුවෙක් ඇතුළුව මගීන් 108 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙක් එම ගුවන් යානයේ සිටි බව සඳහන් වනවා.

එම ගුවන්යානය 2.55ට පමණ ගොඩබස්වා ඇති අතර අනතුරුව එහි සිටි සියලුදෙනා ආරක්ෂා සහිතව ගුවන්යානයෙන් ඉවත්කර අවශ්‍ය ආරක්ෂක පියවර ගත් බව නිවේදනයේ දැක්වෙනවා.

පසුගිය 19 වැනි දිනද ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි මගීන් 96 දෙනෙකුගෙන් සහ කාර්යය මණ්ඩලයේ 8 දෙනෙකුගෙන් සමන්විත විස්තාර ගුවන් සේවයටම අයත් ගුවන් යානයක් බෝම්බ බිය හේතුවෙන් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදු කෙරුණා.

මේ අතර, අද දිනය තුළ මෙතෙක් ඉන්දීය ගුවන් සමාගම් වලට අයත් ගුවන්යානා 70කට අධික සංඛ්‍යාවකට ව්‍යාජ බෝම්බ තර්ජන  එල්ලවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එයා ඉන්දියා , විස්තාරා සහ ඉන්ඩිගෝ යන ගුවන් සමාගම් වලට අයත් ගුවන් යානා වලට මෙම තර්ජන එල්ල වී ඇති බවයි.

ගතවූ දින 11 තුළ ඉන්දීය ගුවන් සමාගම් වලට අයත් ගුවන් යානා 250කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාජ බෝම්බ තර්ජන එල්ලවී ඇති බව සදහන් වනවා.

මේ හේතුවෙන් එම ගුවන් යානා හදිසි ගොඩ බැස්සවීම් වලට ලක්කර පරීක්ෂා කිරීම් සිදු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබූ අතර එමගින් මගී ගුවන් ගමන් කටයුතුවලටද දැඩි බාධා එල්ලවී තිබුණා.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...