සීනි හා සහල් සඳහා පාලන මිලක් පනවමින් අද (02) දින නව ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.
ප්‍රායෝගික මිලක් මේ යටතේ එය සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ .
එමෙන්ම සීනි තොග ප්‍රමාණයක් අද සිට සමූපකාර හා සතොස හරහා සහනදායි මිලට ජනතාවට ලබා දෙන බවත් මෙම තොග පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් හා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනාරාල්වරයා විසින් සිය භාරයට ගත් තොග බවත් රාජ්‍ය අමාත්‍යවරයා මහතා පවසනවා.