26 C
Colombo
Thursday, January 2, 2025

ආරුගම්බේ සිද්ධියට සැකපිට තවත් පිරිසක් අත්අඩංගුවට

- Advertisement -

ආරුගම් බේ ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු 06 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අදාළ සැකකරුවන් මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවා ගෙන ප්‍රශ්න කෙරෙනවා.

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිය පුරවැසියන්ට දැනුම් දෙමින් ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කළා.

ඒ,  ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර යම්කිසි ප්‍රහාරයක් සැලසුම් කර ඇති බවට විශ්වසනීය තොරතුරු තානාපති කාර්යාලයට ලැබී ඇති බව පවසමින්.

මහජන ආරක්ෂක අමාත්‍ය විජිත් හේරත් ඔක්තොම්බර් 24   වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ආරුගම්බේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙක් ?

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයා වන ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව නව දියවඩන...

POPULAR ARTICLES