26 C
Colombo
Friday, October 25, 2024

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

- Advertisement -

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගියදා ‘Go With Ali,’ නැමැති යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන යනු විදේශිකයෙකු, මෙරට ආදිවාසීන් සිව්දෙනෙකු සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි මොනරෙකු දඩයම් කර පුළුස්සා අහාරයට ගන්නා ආකාරය සිය යු ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රදර්ශනය කර තිබුණා.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසුවේ අදාළ සිද්ධියට සම්බන්ධ වූ ආදිවාසීන් සිව්දෙනා සහ එය සිදුකළ ස්ථානය සොයා විමර්ශන ආරම්භකර ඇති බවයි.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවීම, ගිනිදැල්වීම, දුනු ඊතලවලින් විද ආරක්ෂිත පක්ෂියෙකු ඝාතනය කිරීම මෙන්ම එය සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීම යන චෝදනා අදාළ විදේශිකයා ඇතුළු පිරිසට එරෙහිව එල්ල වී තිබෙනවා.

මීට ඉහතදීත් මෙලෙසම මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ විදේශීකයෙක් සහ දඹාන ප්‍රදේශයේ ආදිවාසීන් පිරිසක් මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

ගිනිඅවි නිපදවන ස්ථානයක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට

මාතර පොලිස් වසමේ පාලටුව ප්‍රදේශයේදී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි නිපදවනු ලබන ස්ථානයක් වටලා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත...

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පැවසුවේ , දැනට පවතින මිල සූත්‍රය අනුව...

චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

හෝටලයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...