27.2 C
Colombo
Thursday, November 21, 2024

සජිත්ගේ පුටුවේ වෙන මන්ත්‍රි කෙනෙක් වාඩිවෙලා

- Advertisement -

යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමෙන් තරග වැදුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් රාමනාදන් මහතා අද (21) පැවැත්වුණු නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට හිමි සම්ප්‍රදායිකව අසුනේ අසුන් ගෙන තිබුණා.   

කෙසේවෙතත් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය විසින් ආසනය විපක්ෂනායකවරයා වෙත වෙන්කර ඇති ආසනය බව මන්ත්‍රීවරයාට දැනුම්වත් කරමින් අසුනෙන් ඉවත් වන ලෙස ඉල්ලීමක් කළද එය ප්‍රතික්ෂේප කරමින් අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා විපක්ෂ නායක අසුනේ අසුන් ගැනීම නිසා ආන්දෝලනාත්කම තත්ත්වයක් නිර්මාණය වුණා.

එහිදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේ අසුන් ගැනීමේදී  පිළිවෙලක් සකසා නොතිබූ බවයි.

පසුව විපක්ෂ නායකවරයාට වෙන් කර ඇති අසුන ප්‍රකාශ කරන ලෙස දැනුම් දෙන ලෙස ඉල්ලා සිටි මන්ත්‍රීවරයා “අපි පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් කළා” යන බව පවසමින් සිය අසුනෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළා.

මීට මාස කිහිපයකට පෙර චාවාකච්චේරී රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධිකාරිවරයා වශයෙන් වෛද්‍ය  අර්චුනා රාමනාදන් රාමනාදන් අමාත්‍යවරයා පත් කර තිබුණු අතර  ඔහු රෝහලට පැමිණි දිනයේම රෝහලේ හා උතුරේ සෞඛ්‍ය බලධාරීන්ගේ අඩුපාඩු ගැන තොරතුරු ඉදිරිපත් කරමින් ජංගම දුරකතනයෙන් ලබාගත් වීඩියෝවක් සමාජ මාධ්‍යට උඩුගත කිරීමෙන් පසුව පුවත් මැවූ අමාත්‍යවරයෙක් වනවා.

කෙසේවෙතත් අමාත්‍යවරයා මේ බව සඳහන් කරමින් ඔහුගේ සමාජ මාධ්‍ය ජාලාවන්හි පළ කර තිබුණා.

” අද පාර්ලිමේන්තුවේ මංගල සැසිය,පටන් ගන්න දවස.අද මන්ත්‍රීවරුන් වාඩි වන පෙළිවෙල සකසලා තිබුනේ නැහැ, මම සාම්ප්‍රදායිකව විපක්ෂනායකවරයාට වෙන් කර ඇති 8 වෙනි අසුනේ වාඩි වුනා,මම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයකින් පාර්ලිමෙන්තු ආවේ නැහැ,ස්වාධීන කණ්ඩායමකින් ආවේ.මම හිතනවා ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සම්ප්‍රදායික දේශපාලනය වෙනස් කිරීම සම්බන්ධයෙන් සතුටු වෙයි කියලා”

RECENT ARTICLES - SINHALA

ආහාර විස වී දැරියන් 9ක් රෝහලේ

තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම දැරියන්...

Breaking: නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබුවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යි. නියෝජ්‍ය අමාත්‍යවරු පහත...

විජයදාසත් දේශපාලනයෙන් සමුගැනීමේ තීරණයක

ඉදිරියේදී තමා දේශපාලනයෙන් සමුගැනීමට අපේක්ෂා කරන බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ...

POPULAR ARTICLES