31 C
Colombo
Friday, October 18, 2024

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව තවත් පෙත්සමක්

- Advertisement -

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ වන්නි දිස්ත්‍රික්කයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවයි පැවසෙන්නේ.

අදාළ පක්ෂයේ බලයලත් නිලධාරී පරරාජසිංගම් උදය රාසා සහ තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු එහි සාමාජිකයින්, වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර තිබෙන බව සඳහන්.

සියලු ලේඛන විධිමත්ව ඉදිරිපත් කර තිබියදී සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු වන්නි දිස්ත්‍රික්කය සඳහා ලබන නොවැම්බර් මස 14 වනදා මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙන බවයි පැවසෙන්නේ.

මීටපෙර ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවෙකු වන අශේන් සේනාරත්නද සිය නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණය සම්බන්ධයෙන් පසුගිය බදාදා (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයාට සහ මැතිවරණ කොමිසමට එරෙහිව රිට් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

මෙහිදී අශේන් පවසන්නේ “බලයලත් නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කොට නොමැති වීමේ පදනම” මත තමාගේ නාම යෝජනා ඉල්ලුම් පත්‍රය මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළත් එම ඉල්ලුම් පත්‍ර භාර දෙන අවස්ථාවේදී තමා එම ස්ථානයේ රැඳී සිටි බවයි.

එහිදී නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සිදු කළ නිලධාරීන් විසින් තමාව ඉඳගෙන සිටීමට සලස්වා කණ්ඩායමේ වෙනත් අයෙකු වෙතින් අදාළ ඉල්ලුම් පත්‍ර ලබා ගැනීමට කටයුතු කළ බවද අශේන් සේනාරත්න පවසනවා.

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අශේන් සේනාරත්න මහතා ස්වාධීන කණ්ඩායමක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කළා.

RECENT ARTICLES - SINHALA

අලුත් ආණ්ඩුවක් ආපු ගමන් හොඳ රටක් බිහි වෙන්නේ නැහැ – ලාල් කාන්ත

මේ රට විනාශ වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවයද වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ‘දිනමිණ’ වෙත...

නියමු කුටියේ දොර වැසීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා ඉල්ලා අස්වෙලා

සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා සේවයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා. පසුගිය...

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...