28 C
Colombo
Friday, October 18, 2024

ගිනි අවි පිළිබඳ යළිත් සිහි කැඳවීමක්

- Advertisement -

සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි සහ පතොරම් නොවැම්බර් 06 වැනිදා සවස 4.00ට පෙර කඩිනමින් භාරදෙන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශය යළි අවධාරණය කරනු ලබනවා.

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි අවි ද යළි භාර දිය යුතු බව, ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

ගෙවුණු කාලය තුළ පුද්ගලයින් 1,500 දෙනෙකුට ගිනි අවි 1,690ක් නිකුත් කර ඇතැයි, ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

මින් ඉදිරියට බුද්ධි අංශ වාර්තා මත පදනම්ව පමණක් ගිනි අවි නිකුත් කිරීමට පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවා.

මේ පිළිබඳ අදහදස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා,

”මෙහිදී අපි තේරුම්ගත යුතු වෙනවා ක්‍රීඩා කටයුතු , වගා ආරක්ෂාව සඳහා එවැනි කාරනා සඳහා ලබා දීපු ගිනි අවි කිසිසේත්ම මෙහිදී කැඳවීමක් සිදුවෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ නිවේදනයේ සදහන් වෙන්නේ දේපොළ ආරක්ෂාව වගා හානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යංශය මගින් නිකුත් කරලා තියෙන ගිනි අවි නැවත කැඳවීමක් කරන්න පුද්ගලිකව නිකුත් කරලා තියෙන ආරක්ෂා සඳහා ලබා දීලා තියෙන ගිනි අවි පමණයි මේ ආකාරයට සමාලෝචනය සඳහා නැවත කැඳවීමක් කරලා තියෙන්නේ.”

RECENT ARTICLES - SINHALA

මින්නේරිය ඛේදවාචකය ගැන පරික්ෂණයක්

ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන්...

සමහර ජ්‍යෙෂ්ඨයෝ ගිය එක අපිට ජයග්‍රහණයක් – නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු එම පක්ෂයෙන් ඉවත්වීම පක්ෂය ලැබූ දේශපාලන ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා...

HPV එන්නත ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ විදුහලක සිසුවියන් පස් දෙනෙකු රෝහල්ගත කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය කරුණු දක්වා...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ඉන්දියාවට ඓතිහාසික ටෙස්ට් පරාජයක්

තරග 03කින් සමන්විත නවසීලන්ත - ඉන්දියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මේ වනවිට (17) ආරම්භ වී තිබෙනවා. තරගය ඊයේ (16) දින උදෑසන 9.15ට ආරම්භ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...