24 C
Colombo
Thursday, March 20, 2025

චාමරගෙන් තවත් මැටිමෝල් කතාවක්

- Advertisement -

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඊයේ (18) පාර්ලිමේන්තුව අමතමින් අපූරු කතාවක් සිදු කළා.

එහිදී ඔහු සදහන් කළේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් අසත්‍ය කරුණක් ප්‍රකාශ කළ බව තමන් ප්‍රවෘත්ති විකාශයක් නරඹමින් සිටියදී දුටු බවයි.

රනිල් හා චන්ද්‍රිකා එකම පන්තියේ දෙදෙනෙකු බැවින් බටලන්ද කොමිෂන් වාර්තාවට අදාළව චන්ද්‍රිකා රනිල්ට එරෙහිව ක්‍රියා නොකළ බව එම ප්‍රවෘත්ති විකාශයේ සමන්ත විද්‍යාරත්න මහතා පවසා තිබෙනවා.

චාමර සම්පත් දසනායක මහතා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපනය ලැබූයේ කොළඹ රාජකීය විද්‍යාලයේ බවත් එය පිරිමි පාසලක් වන බැවින් චන්ද්‍රිකා එම පාසලට නොගිය බවත්ය.

එය පිරිමි පාසලක් බව සමන්ත විද්‍යාරත්න මහතා නොදන්නා බැවින් ඔවුන් දෙදෙනා එකම පන්තියේ බව පැවසීම අසත්‍ය හා කරුණු නොදන්නා කමට අමාත්‍යවරයා පැවසූ දෙයක් බව චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුව අමතමින් සදහන් කළා.

චාමර සම්පත් දසනායක මහතා පසුගිය රනිල් වික්‍රමසිංහ රජයේ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

විදුහල්පතිනියක් දණගැස්වීමේ සිදුවීමක් හේතුවෙන් ඔහු වඩාත් කතා බහට ලක්වූ අතර කරුණු නොදැන පාර්ලිමේන්තුව අමතන මන්ත්‍රීවරුන් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා පුද්ගලයෙක්ද වනවා.

RECENT ARTICLES - SINHALA

‘මේ ආරම්භයක් පමණයි’- බෙන්ජමින් නෙතන්යාහු

ගාසා තීරයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය 'ආරම්භය පමණයි' යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා. ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය ‘පූර්ණ බලයෙන් සටන් නැවත...

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කරන්න බැහැ – අනුර

වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදුකර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර...

දේශබන්දු කියන්නෙ සංවිධානාත්මක අපරාධකාරයෙක් – නීතිපති දෙපාර්තමේන්තුව

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

‘මේ ආරම්භයක් පමණයි’- බෙන්ජමින් නෙතන්යාහු

ගාසා තීරයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය 'ආරම්භය පමණයි' යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා. ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය ‘පූර්ණ බලයෙන් සටන් නැවත...

රජයේ තීරණය එනතුරු බලන් ඉන්න කොටස් වෙළදපොළ

රාජ්‍ය ව්‍යවසායයන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට සකසා ඇති බවත් ඉතිරිව ඇත්තේ ඒ වෙනුවෙන් රජයේ පාර්ශවයෙන් ක්‍රියාත්මක වීම...