ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවෙක් අද (30) මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ලෝකිත මිනුර නම් රඹුක්කන ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් 41 දෙනෙකු රැගත් මෙම බස් රථය බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේදී නොවැම්බර් මස 01වනදා අනතුරට ලක්වුණා.
ඉන් සිසුවියන් දෙදෙනෙකු එදිනම ජීවිතක්ෂයට පත්වී තිබුණා.