මල්වතුහිරිපිටිය කෙහෙල්කන්ද – කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේදී පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දුන් තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් විසින් ඇය ඊයේ (21) අරලගංවිල – වේරගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි.
22 හැවිරිදි සැකකාරිය මෙම ඝාතනයට ආධාර අනුබල දීම, රැකවරණ ලබා දීම සහ සත්‍ය තොරතුරු වසන් කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබුණා.