28.4 C
Colombo
Thursday, March 27, 2025

දෙවුන්දර වෙඩිතැබීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

- Advertisement -

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගන්දර පොලිස් වසමේදීයි.

වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයට ඔවුන් විසින්ම ගිනි තබා අනර්ථය සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ගන්දර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය හා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ලයිකා සමූහයේ විකාශන බලපත්‍රවලට එරෙහි පෙත්සම විභාගයට අවසර

මෙරට මාධ්‍ය ආයතන සහ විකාශන බලපත්‍ර අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ලයිකා මොබයිල් සමාගමට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය...

සම්බාධක පැනවිම දේශපාලන නාට්‍යයක් – කරුණා අම්මාන්

බ්‍රිතාන්‍ය රජය තමා හට සම්බාධක පැනවීම දේශපාලන නාට්‍යයක් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ කල්කුඩා මැතිවරණ...

Breaking : ඇප ලැබුණු චාමර රිමාන්ඩ්

නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත...

POPULAR ARTICLES