ගම්පහ,මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී ස්වාමීන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ, හිමිනම ඝාතනය කිරීමට පැමිණි වාහනය සහ ගිනිඅවිය ලබාදුන් පුද්ගලයාව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් එලෙස අත්අඩංගුවට ගත් බවයි.
පසුගිය ජනවාරි මස 23 වනදා පෙරවරුවේ ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයක හිමිනමක් වෙඩිතබා ඝාතනය කර තිබුණා.
මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් 04 දෙනෙකු හිමිනමට වෙඩිතබා පළා ගොස් තිබූ අතර වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබු හිමිනම ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිමිනම අපවත් වූ අතර, එලෙස අපවත්වී ඇත්තේ 45 හැවිරිදි කළපළුවාවේ ධම්ම රතන නැමති කහටාන, ඝනාරාම මහා විහාරස්ථානයේ වැඩසිටි හිමිනමක්.
සිද්ධිය සම්බන්ධයෙන් මල්වතු හිරිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබුවා.